මගේ ගමන තුල අතීත අත්දැකීම් සහ පියවරයන් තුලින් නිර්මාණය වූ මෙම වැඩසටහන් ඔබට ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගත හැකි අයුරුන් නිර්මාණය කර ඇත.
මගේ අත්දැකීමට අනුව ඔබ යන්නේ හිත දියුණු කරන ගමක් වෙන්න පුළුවන්. එසේ නැතිනම් ආධ්‍යාත්මික ගමනක් වෙන්න පුළුවන්. නැතිනම් සැප සම්පත් උදා කරගැනීමට යන ගමනක් විය හැකයි. විමුක්තිය උදෙසා යන ගමනක් විය හැකයි ඒ කුමන තත්වයක වුවද ඔබ යම් අවස්තාවක මනස බිදක් හෝ අවදිවුන තැනදී ඔබේ ගමන් මග සම්පුර්නෙන්ම වෙනස් වනවා. පෙර ලෝකයේදී ඔබ අත්විදින බාදක වලට හාත්පසින්ම වෙනත් ආකාරයේ කඩයිම් ඔබට හමුවනවා.
එවැනි කඩයිම් වල නැවතී සිටින විට ඉන් ඔබ්බට යන විදි මොනයම් හෝ අයුරකින් ලැබීම මගේ පසුගිය අවරුදු 10 තුල ලද බාග්‍යවන්තම සංසිද්ධියක්. එවැනි කඩයිම් තුලදී මා අත්විදින ලද අවබෝධය මෙලෙස විවිධ මට්ටම් වල වැඩසටහන් විදිහට ඔබ වෙත ගෙන ඒමට ලැබීම ඉතාමත් සතුටක්. මා කිසිසේත්ම ප්‍රවීණ උපදේශකයෙකු නොවේ. නමුත් මා ලද අත්දැකීම් අව්‍යාජවම ඔබගේ අත්දැකීම් බවට පත්කිරීම මෙම නිර්මාණ වල මුලික අධිෂ්ඨානය වූවා.
පසුගිය අවුරුදු 10 තුල මා සම්පුර්ණයෙන්ම කැප කරන ලද්දේ ජීවිතයේ ප්‍රධාන ස්තරයන් තුන වන අධ්‍යාත්මික, මානසික, බෞතික වර්ධනය හා දියුණුව ඇතිවන අයුරු පර්යේෂණය කිරීමටයි. ඒ තුල විවිධ අංශයන් හැදෑරීම හා ස්වයං අධ්‍යානය කර ඇත. ප්‍රායෝගික වන සහ නොවන දේ පිළිබද අධ්‍යානය කර ඇත.